ඇපල් අයිෆෝන් ඕඑස් හෙවත් අයිඕඑස් (iOS)
ස්මාර්ට්ෆෝන් අතර ප්‍රසිද්ධම අයිෆෝනයයි. එනිසාම අයිඕඑස් මෙහෙයුම් පද්දතිය මොබයිල් ඕඑස් අතර පුරෝගාමියාය. 2007 ජුනි 29 වැනිදා අයිඕඑස් එලි දුටුවේ, Mac OSX හි මොබයිල් සංස්කරණය හැටියටය. 2010 ජුනි මාසයේදී එහි නම iOS කියා වෙනස් කෙරුණි. මෙහි 4.3 සංස්කරණය 2011 මාර්තු 09 වැනිදා ප්‍රසිද්ද කළේය.මෙය සම්පුර්ණයෙන්ම මල්ටි ටච් පහසුකමට වැඩකළ හැකි ඕඑස් එකකි. ඉන්ටෆෙස් එක ගත්විට මනරම් අයිකන සමුහයකින් යුක්තය. වැඩ කටයුතු වඩාත් පහසු වී තිබෙන්නේ නොයෙක් ඇප්ස් සමග වැඩ කරන්නට පුළුවන නිසාය. මේ වන විටත් අයිෆෝන් සඳහා ඇප්ස් ලක්ෂ තුන ඉක්මවා තිබේ. ඇප්ස්ටොර් තුලින් ඒවා තෝරාගෙන ඩව්න්ලෝඩ් කරගන්නට පුළුවන.
අයිඕඑස් බොහෝ දුරට බාවිතා කරන්නාට යම් යම් සීමා පනවා තිබේ. උදාහරණ ලෙස අයි ටියුන් සහ ඇප්ස්ටෝ දැක්විය හැකිය. එනම් අයි ෆෝන් බාවිත කරන්නන්ගෙන් බහුතරයකට මෙම සේවාව ලබාගත යුතුව ඇත. අනික් අතට අයිඕඑස් නිර්මාණය කර තිබෙන්නේ ටච් ඉන්ටෙෆෙස් එකක් උදෙසාම වීමත් මෙහි ප්‍රබල අඩුපාඩුවකි.

No comments:
Post a Comment