Sunday, June 8, 2014

ඇන්ඩොරොයිඩ් වලට ජබොස් හම්බෙයිද? ......

 Smart phones කිව්වාම අපි හැමදෙනාටම මතක් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්, එහෙම නැත්නම් ඇපල්. ඒත් මේ හැම එකක්ම පරද්දලා වින්ඩෝස් ෆෝන් ඉස්සරහට එයි කිව්වොත් කීදෙනෙක් ඒක පිලිගනීද?
මේ වෙනකොට Smart phones අතරින් 61% ඇන්ඩ්‍රොයිඩ් සහ 20.5%ක් ඇපල්. ඇපල් iPhone වල තියෙනේ එක device එකයි. ඒක ආයි සුපිරියටම තියෙනවා. ඒ නිසා ඒ 20% සුපිරිම බඩු කියන්න පුලුවන්. ඒත් ගාන නම් ටිකක් වැඩියි නේ? 

Platform Versions   


දැන් ඇන්ඩ්‍රොයිඩ් වල යන්නේ 4.0.4 වර්ශන් එක. ඒත් තාමත් 80%කට වැඩිය තියෙන්නේ 2.3.3 සහ ඊට පහල වර්ශන්ස්. ඔය ලගදි එටිසැලට්, ඩයලොග් ලා එහෙම දුන්නේ ඒවා. මාත් ඔයින් එකක් පාවිච්චි කරන කෙනෙක්. ඇත්තටම ඒක මහ හිසරදයක් බලාගෙන ගියාම. කී පැඩ් එක හෙනම අවුල්. ඇන්ග්‍රි බර්ඩ්ස්, ෆෘට් නින්ජා එහෙම ගහන්න හිතන්නවත් බෑ. මාකට් ප්ලේස් එකේ තියෙන ගේම් වලින් 70%කට වඩා මේවායේ ගහන්න බෑ. ඇත්තටම මේවා ස්මාර්ට් ෆෝන් ද?

Historical Distribution





ඒ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල 60%න් 80%ක්ම ස්මාර්ට් ෆෝන් වල තියෙන පහසුමක් දෙන්න අපොහොසත් වෙලා තියෙන්නේ. එතකොට ඇත්තම ස්මාර්ට් ෆෝන් ප්‍රතිශතය එන්නේ 12%ක් වගේ. ඒ කියන්නේ ස්මාර්ට් ෆෝන් කියන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ලෝකේ තියෙන්නේ තියෙනවා කියනවා වගේ 5න් 1ක් විතර.

මම ලගදී කියෙව්ව ආටිකල් එකක තිබ්බ දෙයක් උපුටලා දක්වන්නම්. ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් භාවිතය සෑහෙන පහලට වැටෙනවාලු 2016 වෙද්දි. ඒත් වින්ඩෝස් ෆෝන් ඉස්සරහට එනවාලු. වෙන්න පුලුවන්. මොකද නොකියා ලුමියා ෆෝන් සීරිස් එක නම් සුපිරි. මම එකක් පාවිච්චි කරලත් බැලුවා. පට්ට ස්පීඩ්. ගාන අයි ෆෝන් වලට වඩා අඩුයි. ඒත් ප්‍රොසෙසර් එක එහෙම පට්ට සුපිරි.

Android Market share Set To Drop, Windows Phone To See Significant Jump By 2016?

පස්සේ හම්බුවෙමු යාලු........



No comments:

Post a Comment